Saturday, December 24, 2011


යුධ සටන් කලාවේ ඉතිහාසය මානවයාගේ ආරම්භය තෙක්ම දිව යන්නේය. අවට සිටින සතුරන්ගෙන් තම දිවි බේරාගැනීම, රැහේ නායකත්වය සදහා සටන් වැදීම යන මුලික කරුණු පාදක කොට ගෙන බිහි වූ සටන් කලාව මානව පරිණාමයේ මහත් වූ විප්ලවයක් සිදු කල වැදගත් සාධකයකි. පුරාවිද්‍යාත්මක කැනීම් මගින් හමු වූ ප්‍රාග් මානවයා විසන් භාවිතා කරන ලද ගල් ආයුධ සහ වෙනත් ආයුධ මගින් ඔවුන් සතුව තිබූ සටන් දැනුම මොනවට විදහා පායි.
ඒ කෙසේ නමුත් විශ්වීය සටන් කලාවේ නිල උත්පත්තිය සිදුවන්නේ චීනයේ ෂාඕලින් ආරාමය තුලයි. ඒ මන්ද, නිසි ප්‍රමිතීන් සහිතව ලොව වැඩිම සටන් කලා බිහි වූයේ මෙම ආරාමය තුලින් වීමෙනි. ඉන්දියාවේ විසූ බෝධි ධර්ම හිමි බුදු දහම ප්‍රචාරය කිරීම වස් චීනයට වැඩම කල අතර එහි එවකට සිටි පාලකයාට එම දහම තේරුම් ගැනීමට නොහැකි වූයෙන් උන් වහන්සේ චීනයේ වත්මන් ෂාඕලින් ආරාමය පිහිටි ප්‍රදේශයට වැඩම කළේය. මෙහිදී, උන්වහන්සේ යටතේ පැවිදි වූ භික්ෂූන්ට අධික ලෙස භාවනායෝගීව සිටීමට සිදු වූ හෙයින් ඔවුන්ට විව්ධ ශාරීරික දුර්වලතා ඇති විය. එම දුර්වලතා මග හරවාලීම සදහා බෝධි ධර්ම හිමියන් විසින් එම  භික්ෂූන්වහන්සේලාට ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' නැමැති සටන් ක්‍රමය උගන්වන ලදී. මෙම සටන් ක්‍රමය බෝධි ධර්ම හිමි සිය උපන් රටෙහිදී ඉගෙන ගත් සටන් ශිල්පයකි.

ටික කලක් යන විට මෙම භික්ෂූන්වහන්සේලාට විව්ධ උපද්‍රවවලට මුහුණ දීමට සිදු විය. බවුන් වැඩීමේදී උන්වහන්සේලා වැඩිපුරම සිටියේ අරණ්‍යවාසීවයි. මෙහිදී උන්වන්සේලාට වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් විවිධ ප්‍රහාර එල්ලවීමට පටන් ගත්හ. මේවායින් බේරීම සදහා උන්වහන්සේලා ඉගෙනගත්  ව්‍යායාම් ක්‍රම කීපයක් මිශ්‍රිත 'අයි චී වින්ග්' සටන් ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් දියුණු වී අවසානයේදී ඉතා දියුණු සටන් ක්‍රමයක් බිහිවිය. එය වර්තමානයේදී හදුන්වන්නේ 'ෂාඕලින් කුන්ග් ෆු' නමිනි. 'කුන්ග් ෆු' යනු 'යමක නිපුණ' යන්නයි. මෙම අති දියුණු සටන් කලාව ඉතා දීර්ඝ කාලයක් ඉතා රහසිගතව මෙම භික්ෂූන්වහන්සේලා අතරම පමණක් පැවති අතර ආරාමය අවට සිටි වැසියන්ට විවිධ සොර සතුරු උවදුරුවලට මුහුණ පෑමට සිදුවූ හෙයින් මෙම මාහැගි සටන් කලාව ලොවට විවර විය.
විව්ධ කාලවලදී ෂාඕලින් ආරාමය ට විවිධ උපද්‍රව පැමිණි මුත් අද දක්වාම එය නොනැසී පවතින්නේ එහි වෙසෙන ෂාඕලින් භික්ෂූන්වහන්සේලාගේ අපරිමිත වීර්ය සහ කැපවීම නිසයි.
අද වන විට ලොව සෑම රටකම පාහේ ඔවුන්ටම ආවේනික වූ සටන් ක්‍රම ඇති වුවත් ඒ බොහොමයක් සටන් ක්‍රමවලට ලැබී ඇත්තේ ෂාඕලින් ආභාෂයයි. එමෙන්ම විශ්වීය සටන් කලාවේ පියා ලෙස සැලකෙන්නේ 'බෝධි ධර්ම' හිමියි. ඒ මන්ද, විශ්වීය සටන් කලාවේ ප්‍රගමනයට ඉමහත් සේවාවක් උන්වහන්සේ විසින් සිදුකර ඇති බැවිනි.

9 comments:

  1. අංගම්පොර වලට මීට වඩා ඉතිහාසයක් තියනව නේද????

    (veryfication අයිං කරනවානං පහසුයි :))

    ReplyDelete
  2. සහෝදරයා,මං මෙතැන කතා කරලා තියෙන්නේ සමස්ත යුධ සටන් කලාවේ ඉතිහාසය ගැනයි. 'අංගම්පොර' කියන්නේ විශ්වීය සටන් කලාවේ අපේ රටට ආවේනික වූ සටන් කලාවක්. එනම්, මෙය විශ්වීය සටන් කලාවේ තවත් එක් සටන් කලාවක්. මං මෙතැන එක එක සටන් කලාවේ ඉතිහාසය ගැන කියල නෑ. ඔබ හොදට තව වරක් ලිපිය කියවන්න. සටන් කලාවට නියම ප්‍රමිතියක්, නව පන්නරයක් ලැබුනේ ෂාඕලින් ආරාමයෙන්. ඒ නිසා අවිවාදයෙන්ම බෝධි ධර්ම හිමි සටන් කලාවේ පියා ලෙස විරුදාවලිය ලබනවා. සිදුහත් කුමාරයා පවා සටන් ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒ 'අංගම්පොර' නෙමෙයි. අප මහා බුදුරජානන්වහන්සේ දේශනා කොට තිබෙනවා "විශ්වයේ ආරම්භය සොයන්න එපා" කියලා. අන්න ඒ වගේ තමයි සටන් කලාවේ ඇරබුම සොයන්න යන එකත්. ඒ කෙසේ උනත් සටන් කලාවේ ඇරබුම 'අංගම්පොර' නෙමෙයි. 'අංගම්පොර' යනු විශ්වීය සටන් කලාවේ තවත් එක් සංදිස්ථානයක් පමණයි. මං මේ තරම් පැහැදිලිව මෙම ලිපිය ලියලා තිබියදීත් "අංගම්පොර වලට මීට වඩා ඉතිහාසයක් තියනව නේද????" යන්න ඇසීම සරදමකි. ඔබගේ තර්කයට අනුව 'අංගම්පොර' තියෙන්නේ මිනිසාගේ ඇරබුමටත් පෙරද?? එක 'ආබස්සර ලෝකෙත්' තිබ්බද?

    ReplyDelete
  3. හරි මම ලිපිය තව වතාවක් කියෙව්ව.... මේක කියන්නකො, විශ්වීය සටන් කලාවක් කියන්නෙ අැයි? අංගංපොර මෙන්නොව (අංගංපොර කාරයො කියාගන්න අයනං කියන්නෙ මේක කට්ටියකට විතරයි උගන්නන්නෙ කියල....) ලෝකයට විවෘත සටන් කලාවක් නිසාද? (අහල තියන තරමින් අංගංපොරවලට අවුරුදු තිස්දාහකට ටිකක් වැඩිපුර ඉතිහාසයක් අැතැයි කියනු ලැබේ. අැත්ත නැත්ත නම් නොදනිමු :( )

    -ස්තූතියි, මම තර්ක කරමින් එල්ලෙන්න අාවා නොවේ. නොතේරුනු දෙයක් දැන ගන්නටය :) :) :)

    උත්සාහය සාර්ථක වේවා යි පතමි :)

    ReplyDelete
  4. ඔබ සැබැවින්ම නොතේරෙන දෙයක් දැනගැනීමේ අටියෙන් ප්‍රශ්න කලේ නම් එය අප ඉතා අගය කරන්නෙමු. සහෝදරයා, මං මෙහි විස්තර කලේ පොදුවේ සියලු සටන් කලා පිලිබදවයි. මා විශ්වීය සටන් කලාව ලෙස හැදින්වුයේ එයයි. 'අංගම්පොර' කියන්නෙත් ඒ විශ්වීය සටන් කලාවේම කොටසක්. ඔබ මෙතන පටලවාගෙන අති කරුණ මට වැටහේ. ඔබ සිතන්නේ මා මෙහි විස්තර කර ඇත්තේ කුන්ග් ෆු ගැන බවයි. සැබැවින්ම මා මෙහි විස්තර කර ඇත්තේ සමස්ත සටන් කලාවේ ප්‍රගමනය ගැනයි. එයට අංගම්පොරත් ඇතුලත් වේ. ෂාඕලින් ආරාමය ඉදිවීමටත් පෙර සහ පසු සටන් කලාවන් බිහිවුනා. එනමුත් මේ මුළු සටන් කලාවටම නිසි ප්‍රමිතියක් ලබා දුන්නේ එම අරාමයයි. මම ඔබට සරල උදාහරණයක්‌ දෙන්නම්. අප රටේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ C.W.W. කන්නන්ගර මහතායි. නමුත් ඊට පෙර අප රටේ නොමිලේ පිරිවෙන් අධ්‍යාපනය පැවතුනා. එහෙත් අප වත්මන් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ C.W.W. කන්නන්ගර මහතායි. එමෙන්ම martial art වල පියා ලෙස සැලකෙන්නේ ෂාඕලින් ආරාමයේ විසූ බෝධි ධර්ම හිමියි.
    දැන් ඔබගේ ගැටලුව විසදුනා යැයි සිතන්නෙමි.

    ReplyDelete
  5. වර්තමානයේ සටන් කලාවේ හංගා ගතයුතුයි සිතන දේවල් නැතිතරම්.මුදල් තිබේනම් සටන් කලාවේ ලෙහෙසියෙන් උගන්වනනේ නැත කියන දේවල් අන් රටවල් වලදී ඉගෙනගැනීමට හැකියි.අද වනවිට හැම සටන් ක්‍රමයක්ම අදට ගැලපෙන ආකාරයට වෙනස්ව දියුණුවට ලක්ව ඇත.

    අංගම් පොර සටන් ක්‍රමය අතීතයේ රදල කුල වලට අයත් අයට පමණක් සීමාවු සටන් ක්‍රමයක් බව ඉතිහාසය් අංගම් සටන් කරුවන් පිළිබද සොයා බලද්දී දැනගැනීමට පුලුවන.මේ කුල වාදය නිසා ත් අංගම් පුහුණුවන්නට එන කෙනාගේ වේලාපත්කඩ පරීක්ෂා කිරීම නිසාත් බොහෝවිට මෙම ක්‍රමය අතලොස්සක් වූ පිරිසට පමණක් සීමාවිය.එහෙත් අංගම්පොර ලෝකයේ ඇති ඉපැරණිම සටන් ක්‍රමය යැයි කවුරුන්හෝ පවසනවානම් එය ට සාදක තිබියයුතුය.අපේ රටේ ශිෂ්ටාචාර මෙන් ඉපැරණි ශිෂ්ටචාර තවත් රටවල් ඇසුරුකොටගෙන තිබී ඇත.ඒ හැම ශිෂ්ටාචාරයකටම ඔවුන්ට ආවේනික සටන්ක්‍රම තිබීඇත.ලොව පවතින සටන් ක්‍රම හැම එකක්ම බිහිවී ඇත්තේ ආත්මාරක්ෂාවත් රටේ ආරක්ෂාවටත් ය ලංකාවේ අංගම්පොර ත් ඉන්දියාවේ කලරිපයාට්ටු ඇතුලු සටන් ක්‍රමත් චීනයේ කුංග් ෆු ,ජපානයේ‍ කෙන්ජුට්සු,කරාතේ වැනි සටන් ක්‍රම හැම එකක්ම ඇතිවී තිබෙන්නේ ඉහත සදහන් කළ අවශ්‍යතාව මතය.මේනිසා කිසිම සටන් ක්‍රමයක් තවත් සටන් ක්‍රමයකට වඩා උසස් හෝ පහත් වන්නේ නැත.

    ReplyDelete
  6. මම හිතන්නෙ පැහැදිලි උනා. :)

    කරුණාකර මම කාටවත් තඩේයන කෙනෙක් ලෙස වරදවා වටහා නොගන්න. :)

    ReplyDelete
  7. අප පටු සීමාවක සිටින අය නොවන්නෙමු...ඒ වගේම ඔබට ලේබල් අලවන්නො ද නොවන්නෙමු.හරි දේ හරියි කීමටත් වැරදි දේ වැරදියි කීමටත් අප නොපසුබට නොවන අතර ශිෂ්ට සම්පන්නව සංවාදයේ නිරතවන්නන්ට ශිෂ්ට සම්පන්නව ද එසේ නොවන අයට ඔවුන් භාවිතාකරන භාෂා ශෛලියෙන්ම ආමන්ත්‍රණය කිරීමටත් නොපසුබට නොවන්නෙමු.........

    ReplyDelete
  8. බුද්ධිමත් පාටක ඔබ සැමට මගේ ප්‍රණාමය!!!

    ReplyDelete